Choose the Right Roller (නිවැරදි රෝලර් බුරුසුව තෝරගැනීම)

 

 

විශාල වපසරියක් ආලේප කිරීමේදී ඉක්මනින් සහ පහසුවෙන් ආලේප කිරීමට සාමාන්‍ය බුරුසුවකට වඩා රෝල බුරුසුවක් භාවිතා කිරීම බොහෝ ප්‍රයොජනවත් වේ. රෝල බුරුසුවෙන් ආලේප කිරිමේදී ඉතා හොද සුමට නිමාවක් ලබා ගත හැකි අතර, සාමාන්‍ය බුරුසුවක් බාවිතයේදී ඇති වන බුරුසු පහරවල්, කෙදි ගැලවීම් වැනි අඩුපාඩු මගහැර ගැනීමට හැකිවේ. වෙළෙඳ පොළේ විවිධාකාර රෝල බුරුසු තිබුනද සැම රෝල බුරුසුවක්ම ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කැරෙනු ලැබෙන්නේ එහි දිගත් (length), කෙදි වල උසත් (pile length), සහ කෙදි වර්ගයත් යන කරුනු අනූවය.

රෝල බුරුසුවෙහි දිග (Length):

සමාන්‍යයෙන් රෝල බුරුසු දිගවල් තුනකින් පැමිනේ: 9″, 7″ සහ 4″. 9″ සහ 7″ බුරුසු තමාගේ අවශ්‍යතාවය සහ පහසුව අනූව තොරා ගත හැකි අතර, බොහෝ විට විශාල වපසරියක් ආලේප කිරිමේදී 9″ බුරුසුව යොදා ගැනේ. සාමාන්‍ය කුඩා අතුලත බිත්තියක් ආලේප කිරීමට 7″ සුදුසු වේ, 7″ බුරුසුව 9″ බුරුසුවට වඩා අඩු තීන්ත ප්‍රමානයක් ගන්නා අතර බරෙන් අඩු නිසා පහසුවෙන් සහ විඩාවකින් තොරව ආලේප කිරිමට උපයෝගී වේ. 4″ රෝල බුරුසු බාවිතා කෙරෙන්නේ ලොකු බුරුසු වලට ලඟා විය නොහැකි පටු ස්තාන වල, කොන් සහ පටි වල ගැමටය. 4″ බුරුසු වඩාත් බාවිත වන්නේ දොර ජනෙල් වල එනැමල් තීන්ත ආලේප කිරීමටය.

කෙදි වල උස (pile length):

රෝල බුරුසු කෙදි වල උස අනූව ප්‍රමාන 3කින් පැමිනේ: දිග කෙදි  (Long pile), මඳක් දිග කෙදි (Medium pile) සහ  කෙටි කෙදි (Short pile).

  • දිග කෙදි සහිත රෝල බුරුසු බාවිතා වන්නෙ පිටත රළු බිත්ති සඳහාය. දිග කෙන්දට හොදින් ගැඹුරට තීන්ත තල්ලු කිරීමේ හැකියාව ඇති නිසා රළු බිත්තියට වඩාත් සුදුසු වේ, එමගින් රළු බිත්තිය පහසුවෙන් සහ නියමාකාරයෙන් ආලේප කිරීමට හැකිවේ. එලෙසින්ම දිග කෙන්ද සුමට බිත්තියට සුදුසු නොවන්නෙ ආලේපනයේදී මතුවන රැලි සහ ගැටිති සොභාවය නිසාය.
  • මඳක් දිග කෙදි සහිත බුරුසු අතුලත හා පිටත සුමට බිත්ති සදහා සුදුසු වේ. මෙයින් තීන්ත අපතේ නොයා හොද පැතිරීමක් ඇතිව ආලේප කිරීමට සුදුසු වේ. තවද, මෙම බුරුසුවෙන් සිදුවන තීන්ත ඉසීම අවම වන අතර, ඇතුලත භාවිතයේදී දිග කෙන්ද සහිත බුරුසුවට වඩා මෙය වඩාත් සුදුසු වේ. 
  • කෙටි කෙදි සහිත බුරුසු බොහෝවිට බාවිතා කෙරෙන්නේ ඉතා සුමට නිමාවක් ලබා ගැනීමටය. මෙය කුඩා බිත්තියක් හෝ කොටසක් ගෑමට සුදුසු වන අතර, වැඩි තීන්ත ප්‍රමානයක් රදවා ගැනිමට ඇති නොහැකියාව නිසා විශාල වපසරියක් ගැමට නුසුදුසු වේ. මේ නිසා කෙටි කෙදි සහිත බුරුසු පැමිනෙන්නේ 4″ වැනි කුඩා ප්‍රමාණයෙන් වන අතර බොහෝවිට එනැමල් ආලේපනයට බාවිතා කෙරේ.

 

 

Roller brushes are very useful to paint large areas. Unlike paint brushes Paint Rollers are easy to use, efficient and more practical. Rollers create a much better and a smoother finish compared to regular brushes. Different types of rollers available in the market are made for different applications. These rollers are made with different features such as length, pile size and fibre type.

Roller Length:

 In general Roller are available in 3 lengths: 9 inch, 7 inch and 4 inch. 9 inch rollers are made for larger applications such as large exterior and interior walls. Medium sized 7 inch is used for smaller walls, ascent walls and for parts where a 9 inch roller cannot reach. the smallest 4 inch can be used to reach smallest and narrowest of places, also for painting edges, corners, trims, doors, windows .. etc.

Roller Pile:

Commonly available pile sizes are long, medium and short.

  • Long pile rollers are typically used for exterior rough and semi rough walls where the longer length of the pile is capable of applying paint on to the coarse surface. One disadvantage of using a long pile roller on a smooth wall is that it will leave an uneven lumpy layer of coating.
  • Medium pile is designed for the application on smooth walls and capable of carrying and stroking the paint well on the surface without wastage.
  • Short Pile are ideal for much smoother applications where an impeccable finish is needed. However short pile is not suitable for large surface areas as it carries less amount of paint.

 

 

Related Products