Mould Growth Interior & Exterior (අතුලත සහ පිටත බිත්ති මත පුස් මතුවීම)

 

 


ඇතුළත සහ පිටත බිත්ති මත පුස් බැඳීම අපගේ නිවෙස් වල දක්නට ලැබෙන සාමාන්‍ය සහ සුලභ දෙයකි. පුස් බැඳීමට ප්‍රධාන හේතු සාධකය වන්නේ බිත්තිය තුල හෝ අවට පවතින තෙතමනය වැඩි වීමය. එමනිසා තෙත බහුල නාන කාමර, මුලුතැන්ගේ සහ වතුර ටැන්කි අසළ බිත්ති මතුපිට පුස් මතුවීම සුලභ දෙයකි. තෙතමනය ආකාර දෙකකට පැමිණේ: තෙතමනය බිත්තිය තුළින් මතුපිටට සංක්‍රමණය වීම, අවට පවතින තෙතමනය බිත්තිය මතුපිට ඝණීභවනය වීම.

තෙතමනය බිත්තිය තුළින් මතුපිටට සංක්‍රමණය වීම:

බිත්තිය තුළින් එකදිගටම නොනවත්වා තෙතමනය සංක්‍රමණය වේ නම් පුස් බැඳීමද දිගින් දිගටම සිදුවේ. බිත්තිය තුලට තෙතමනය ඇතුලු විය හැකි ක්‍රම බොහෝ ඇත. එයින් කිහිපයක් පහත දැක්වේ:

– බිත්තියේ පිටත පස් වලින් වැසී තිබීම. (වැසි කාලයේදී පුස් මතුවීම වැඩිවේ)

– වතුර ටැංකියක් අවට, ස්ලැබ් එක යට හෝ වටේට ඇති බිත්ති මත.

– බිත්තිය තුල ඇති නලයක් කාන්දු වීම.

විසඳුම:

නොනවත්වා පුස් මතුවීම නැවත්වීමට තෙතමනය වැලැක්වීය යුතුය. තෙතමනය නැවත්වීමෙන් පසු අවශ්‍ය නම් බිත්තිය පිටතින් “වෝට පෘෆ්” කර හොදින් පුස් වියලුනු පසු බිත්තිය දිලීර නාසක භාවිතා කර හොදින් සෝදා පිරිසිදු කරගන්න. බිත්තියේ ඇති පරණ ආලේපනය වැලි කඩදාසියක් භාවිතයෙන් සූරා ඉවත් කර “Dulux: Weathershield: Speed Prime & Seal” ආලේපනයක් ආලේප කර  අවශ්‍ය පරිදි තීන්ත ආලේප කරගන්න.

අවට පවතින තෙතමනය බිත්තිය මතුපිට ඝණීභවනය වීම:

හිරු එලිය නොවැටෙන, සුලන් නොවදින සහ තෙතමනය අධික කාමර වල බිත්ති මතුපිට, කොන් වල සහ ගෘහභාණ්ඩ පිටුපස බිත්ති වල පුස් මතුවීම සුලභය. මෙලෙසම නාන කාමර සහ මුලුතැන්ගේ අසල බිත්ති වලද බහුලව දක්නට ලැබේ. මෙහිදී තෙතමනය බහුල වාතය දිගු කලක් එක තැන සිරවී තිබියදී, තෙතමනය සෙමෙන් ඝනීභවනය වී පුස් සැදීමට අවශ්‍ය පරිසරය සකසා දේ.

විසඳුම:

හොදින් නිවසට හිරු එලිය වැටිමටද, වාතාශ්‍රය ඇතුලු වීමටද ඉඩහරින්න. කාමරද, නාන කාමරද, මුලුතැන්ගේ ද සැමවිටම හොදින් වාතාශ්‍රය ඇතුලු වීමට ජනෙල් සහ දොරවල් ඇර තබන්න. පුස් බැඳුණු තැන් ඉහත සඳහන් ආකාරයෙන්ම පිරිසිදු කර තීන්ත ආලේප කරන්න.

 

 


Mould growth is a very common case we find in our households and it can be found on both interior and exterior surfaces. The root cause for mould growth is high level of moisture. For example, inside/outside bathroom walls, underneath exposed concrete slabs, near kitchens and wherever there is water/humidity. Moisture is transmitted on to wall surfaces by two basic methods: moisture migration through the wall and condensation.

Moisture Migration:

If the moisture migration is consistent through the wall and there has been continuous growth of mould, the reason could be one of the following:

  1. High soil in contact with the outer side of the wall where the moisture in soil is absorbed in to the wall.
  2. Behind or beneath slab of a water tank.
  3. Water leakage from a pipe inside the wall. (internal leakage).

Solution:

What ever the reason, it is important to understand the amount of moisture migration. If the level is high, apply a thorough water proofing work around or outside the wall. Once the moisture migration is stopped, treat the affected areas with a fungicidal wash. Once cleaned and dry, use a sand paper to remove any leftover dried mould or flaky paint. Apply a suitable moisture proof primer (i.e.: Dulux: Weahershield: Speed Prime & Seal) and paint the wall as necessary.

Condensation:

Condensation is a result of highly humid surroundings. In this case, high level of moisture turns in to small droplets of water and liquefy on the wall surface. This can be found inside bathroom walls, near kitchen walls and on walls behind closely kept furniture.

Solution:  

This is a result of poor ventilation and humid air being trapped around the wall for longer periods. Make sure to ventilate these areas regularly to avoid any condensation. If there is condensation, clean the affected areas with a fungicidal wash and allow to dry. Use an alkali resisting primer/filler before applying a paint for a long lasting finish.

 

 

Related Products

This site is only for viewing purposes.