What is Sanding Sealer (සෑන්ඩ්න් සීලර් භාවිතය)

 

 


සෑන්ඩින් සීලර් යනු තමන්ගෙ අවශ්‍යතාවය අනූව භාවිතයට ගත හැකි, අත්‍යවශ්‍ය නොවන ආලේපනයකි. බොහෝවිට මෙය භාවිතා වන්නේ මෘදු ලී සඳහාය. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ ඕනෑම ලී මතුපිටක් සීල් කර දියරයක් අවෂෝශනය කරගැනීමේ හැකියාව දුර්වල කිරීමය.

ස්වභාවයෙන් ඕනැම ලීයකට වතුර වැනි දියයරයක් උරා ගැනීමේ හැකියාවක් පවතී. මෙය තද ලීයටත් මෘදු ලීයටත් පොදු ලක්ෂණයක් වේ. මෙවැනි ලී මතුපිටක ඕනෑම ආලේපනයක් (ස්ටේන් හෝ ටොප් කෝට්) ගැමේදී සිදුවන අවෂෝශනය නිසා ඇතිවන අලේපන නාස්තිය වැඩිය, එමගින් වියදම් වන මුදලද වැඩිවේ.

  • මෘදු ලී වර්ග – ලුනුමිදැල්ල, සපු, හවරි නුග, MDF, Plywood
  • තද ලී වර්ග – තේක්ක, මහෝගනි, නැදුන් (Walnut), බුරුත (Satin wood), කොස් (Jack wood)

මෘදු වුවද තද වුවද සෑන්ඩින් සීලර් භාවිතයෙන් ලීයෙහි ඇති අවෂෝශන ශක්තිය දුර්වල කෙරේ. ඊට අමතරව වැලි කඩදාසියෙන් මතු වන කුඩා සිදුරුද වැසීම මෙයින් සිදු කෙරේ. මෙයින් පසු යෙදෙන ඔනෑම ආලේපනයක නාස්තිය අවම කර ආලේපනයේ පැතිරීම උපරිම කිරීමද මෙමගින් සිදු කෙරේ.

 

 


Sanding sealer is not a compulsory product when it comes to wood finishing. The main purpose of a sanding sealer is to save unnecessary wastage of varnish, top coat or stain by sealing off the wood surface. The main reason for this is that certain wood  types can be so porous and absorptive they might waste a lot of finishing or staining coatings.  

Typically all bare wooden surfaces are highly absorptive. In this, soft wood surfaces are highly absorptive and hard wood surfaces are less absorptive. 

  • Soft woods – Lunumidalla, sapu, hawari nuga, MDF, Plywood (Vanista).
  • Hard wood – Teak, Mahogany, Nadun (Walnut), Burutha (Satinwood), Jack wood(Kos).

Whether it’s soft wood or hard wood, the main purpose of a sanding sealer is to provide this much needed sealing property to the surface so that the next coating could have a better spreading over the surface. This sealing is done by sealing off very small pores on the surface and as a result it helps to create a perfect smooth finish.