Take Care of Brushes (බුරුසු කල්පවත්වා ගැනීම)

 

 


හොද බුරුසුවක තීන්ත ආලේප කිරීමේ හැකියාව කාලයත් සමඟ වැඩි දියුණු වන්නේ එය හොදින් නඩත්තු කළ විට පමණි. ස්වභාවික කෙදි වලින් සාදන ලද බුරුසුවක නම් කෙදි ගෙවී යාමත් සමඟ කෙදි හැඩ වීමෙන් මනා ලෙස තීන්ත ආලේප කිරීමේ හැකියාව වැඩි දියුනු වේ.

– Oil Base තීන්ත සදහා: තීන්ත ගාන අතරතුර බුරුසුව තීන්ත සමඟ සැර හිරු එළියේ නොතබන්න. ඊළඟ දිනයේත් බුරුසුව බාවිතා කෙරෙන්නේ නම්, බුරුසුව තිනර් හෝ ටපන්ටයින් වලින් සෝදා, ප්ලාස්ටික් ඇසුරුමකින් වසා සෙවන ඇති තැනක තබන්න. බුරුසුවේ වැඩ අවසන් නම්, බුරුසුව හොදින් සේදීමෙන් පසු සෙවණ ඇති තැනක සෙමෙන් වේලා සුදුසු ඇසුරුමක දමා ගබඩාකරන්න. කිසි විටකත් තින්ත බුරුසුවෙහි කෙදි මත තින්ත රැදී වියැලීමට ඉඩ නොහරින්න.

– Water Base තීන්ත සදහා:  ඊළඟ දිනයේත් බුරුසුව බාවිතා කෙරෙන්නේ නම්, හොදින් වතුරෙන් සෝදා තෙමනය සහිත ප්ලාස්ටික් ඇසුරුමකින් වසා නැවත බාවිතයට ගන්න. තින්ත සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නම් බුරුසු හිස පැය කිහිපයක් ජල බඳුනක ගිල්වා තබා තීනත ඉවත් කරගන්න. බුරුසුව මත තීන්ත වියැලීමට ඉඩ නොතබන්න. වැඩ අවසාන වූ විට බුරුසුව හොදින් සොදා සෙවණෙහි වියැලෙන්නට තබා පසුව සුදුසු අසුරනයක දමා ගබඩා කරන්න.

මෙලෙස හොදින් නඩත්තු කරන ලද බුරුසුවක ආයු කාලය වැඩි වන අතර නම්‍යශීලී බවද හොදින් වැඩි දියුනු වේ.

 

 


Performance of a good bush always improves when looked after well. If well maintained, gradual wear shapes the tip in a way it become more silkier to reflect your stroke. As a result, the brush becomes more consistent and smoother. For regular use of;

– Oil Based Paints: Leave the brush wrapped in a plastic bag after cleaning with a solvent, so the brush does not dry out instantly. Once the work is completed, wash and clean the brush thoroughly and leave it to dry gently in the shade, then brush to break any adhered bristles.

– Water based paints: Wash your brushes well with running water and leave it in a plastic wrapping while its wet for next day use. Leave the brush head dipped in water overnight if you want to remove all the paint. Once the work is completed follow above steps to clean the brush and store to use again.

This supports a longer life and a flexible brush head with improved performance.